කථානායකගෙන් අමුතු නීතියක්: රාජිතට එරෙහි විශ්වාසභංගයේදී ‘සයිටම්’ වචනය තහනම් කරයි!
- RSL
- October 19, 2017
- උණුසුම් පුවත්, දේශපාලන
- karu jayasuriya, Rajitha Senarathne, SAITM, SAITM Rajitha
- 0 Comments
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධව අධිකරණය හමුවේ පවතින කරුණු සඳහන් නොකරන්නේ නම් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාද කිරීමට අවසර දිය හැකි බව කථානායක කරු ජයසූරිය මහතා ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට අපුරු ප්‍රකාශයක් සිදුකොට ඇත.
කථානායකවරයාගේ අදහසට තමන් කැමැති වූ බව ද ඒ අනුව ඉදිරි පක්‌ෂ නායක රැස්‌වීමකදී විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය නියම කරනු ඇතැයි ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේය.
දිනේෂ් ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්ත, තාරක බාලසූරිය යන අය සමඟ තමන් කථානායකවරයාගේ නිල කාමරයේදී ඔහු හමුවී සාකච්ඡා කළ බව ද අලහප්පෙරුම මහතා කීවේය.

