අගමැතිට අවස්ථාව අහිමි වෙයි!
- RSL
- October 17, 2017
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Prime Minister Ranil Wickramasinghe, Ranil Wickeramasinghe
- 0 Comments
ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව පිළිබඳ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම අදින් අවසන් කරන බව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්රසිරි මහතා දැනුම් දී තිබේ.
අවශ්‍යම වුවහොත් පමණක් අග්‍රමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවන බව ඔහු පවසා ඇත.
2015 පෙබරවාරි මස පළමුවන දින සහ 2016 මාර්තු මස 31 වන දින අතර කාලය තුළ සිදුවූ බව කියන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ජනවාරි මස 27 වනදා මෙම කොමිසම පත් කරනු ලැබීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්රසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමේ සෙසු සාමාජිකයින් වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න සුජීව ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ යන මහත්වරුන්ය.
මාස 03 ක කාලයක් සඳහා කොමිසම පත් කෙරුණද එහි කටයුතු අවසන් කිරීමට නොහැකි වීම හේතුවෙන් කොමිසමේ කාලය අවස්ථා දෙකකදී දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

