මම දේශපාලනයට ආවේ පාර්ලිමේන්තු යන්න නොවෙයි; රාජපක්ෂ රෙජීමය අවසන් කරන්නයි- ෆීල්ඩ් මාෂල්

Spread the love

මම දේශපාලනයට ආවේ පාර්ලිමේන්තු යන්න නොවෙයි, මට අවශ්‍ය වුණේ රට පුරා ගොස්‌ මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ දූෂිත මිනීමරු රාජපක්ෂ රෙජීමයට එරෙහි මතයක්‌ ගොඩනඟන්න යැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා එසේ සඳහන් කළේ පෙරේදා (14 වැනිදා) කිරිබත්ගොඩ තැඹිලිගස්‌මුල්ල ප්‍රදේශයේ පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ 13 වැනි ශාඛා සමිතිය පිහිටුවීමේ අවස්‌ථාවට එක්‌වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ සරත් ෆොන්සේකා මහතා –

2015 ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයෙන් පසුව නැවත එජාපයට නව පණක්‌ ලැබුණා. මේ වන විට එජාපය ඉතා උද්යෝගයෙන් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මේ උෙද්‍යාඅගය නිසා එජාපයට ජයග්‍රාහී ඉදිරි ගමනක්‌ යැමට හැකිවී තිබෙනවා.

2010 වසරේදී කැලණියෙන් ඡන්දෙ ඉල්ලන්න කියලා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මට පළමු වතාවට ආරාධනා කළා. මට වුවමනා වුණේ නෑ කැලණියේ මැර දේශපාලනය එක්‌ක දේශපාලනය කරන්න. මම වෙනම දේශපාලන පක්‍ෂයක්‌ හදලා කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් තරග කළා.

2015 දී මහින්ද රාජපක්‍ෂ කුරුණෑගලින් තරග කරන නිසා කුරුණෑගලින් ඡන්දෙ ඉල්ලන්න කියලා අගමැතිතුමා මට නැවත ආරාධනා කළා. කුරුණෑගල එජාප හොඳ නායකයන් ඉන්න නිසා මම ඒකට කැමැති වුණේ නෑ. මහින්ද රාජපක්‍ෂ යන යන තැන ගිහින් තරග කරන්න තරම් වටින මිනිහෙක්‌ නොවෙයි.

මට අවශ්‍ය වුණේ රාජපක්‍ෂ විරෝධී මතයක්‌ රට පුරා ගෙන යන්නයි. ඒක නිසා මම අගමැතිවරයාට කිව්වා මට ආසනයකට දිස්‌ත්‍රික්‌කයකට සීමා වෙන්න බෑ කියලා. මම කැලණියෙන් දේශපාලනය කරන්නේ පාර්ලිමේන්තු යන්න නෙමෙයි. මට පාර්ලිමේන්තු යන්න ඕනනම් එජාප ජාතික ලැයිස්‌තුවෙන් යන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ජයග්‍රහණ වෙනුවෙන් කැප වී වැඩ කිරීම මගේ අරමුණයි.

RSL

Related Posts