පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කළු සල්ලි සුදු වී පිට වුණු තැන සොයයි
- RSL
- October 17, 2017
- උණුසුම් පුවත්, විමර්ශන
- Bond scam, Perpetual Treasuries
- 0 Comments
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් වෙනත් සමාගම් කිහිපයකට මුදල් බැරකර එම ගිණුම්වලින් අදාළ මුදල් ප්‍රමාණය නෝට්ටු ලෙස ලබා ගැනීම තුළින් මුදල් යොමු වූ අවසාන ස්ථානය වසන් කිරීමට අපේක්ෂා කර ඇති බව බැඳුම්කර වංචා පිළිබඳ කොමිසම හමුවේ අනාවරණය වී තිබේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කළ ප්‍රශ්න කිරීම් හමුවේ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් වර්තමාන මූල්‍ය මණ්ඩල සාමාජික නිහාල් ෆොන්සේකා මහතා මේ පිළිබඳ කරුණු අනාවරණය කළේය.
පුද්ගලික බැංකු දෙකකින් සහ ලංකා බැංකුවෙන් ලබාගත් පර්පචුවල් සමූහයේ සමාගම්වල බැංකු ප්‍රකාශන කිහිපයක් කොමිසමට ඉදිරිපත් කෙරුණි. එයට අනුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් නියමිත ක්‍රමවේදයෙන් බැහැරව මුදල් ලබා ගෙන ඇති බව අනාවරණය වුණි.
අඩු අනුපාතවලට ලංසු තබන ලෙස ලැබුණු උපදෙස් හේතුවෙන් රජයට පාඩු සිදු වූ බව ද වෙළෙඳපොල පොලී අනුපාතය පාලනය කිරීමට නොහැකි වූ බව ද නිහාල් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.
මේ අතර රෝහල් ගතව සිට පිටව ගොස් සිටින අර්ජුන් ඇලෝසියස් මහතාගේ පුද්ගලික සහායක ස්ටීව් සැමුවෙල් මහතාට අද(17) කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

