සයිටම් විරෝධී සිසු දරුවන්ට අදත් පහර දෙති; 14 ක් රෝහලේ (වීඩියෝ)

Spread the love

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා අද (10) පැවති උද්ඝෝෂණයේදී පොලිසිය සමග ඇති වූ ගැටුම්වලින් 14 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

තුවාල ලැබූවන් අතර භික්ෂුන් වහන්සේලා දෙදෙනකු සහ මාධ්‍යවේදියකු ද සිටින බවත් හිමිනමක සහ සිසුවකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් එම ආරංචි මාර්ග පවසයි.