ත්‍රීරෝද රථයේ මීටරය ඔක්.01 වනදා සිට අනිවාර්යයි; ගැසට් එක නිකුත් වෙයි
- RSL
- September 11, 2017
- පුවත් සහ වාර්තා
- 0 Comments
පුද්ගලයින් හා භාණ්ඩ ප‍්‍රවාහනය කරන ත‍්‍රීරෝද රථ සඳහා මීටරයක් තිබීම අනිවාර්ය කරමින් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් පසුගිය දා නිකුත් කර ඇති ගැසට් නිවේදනය ලබන ඔක්තෝම්බර් මස 01දා සිට ක්‍රියාත්මක වෙයි.
ඒ අනුව පුද්ගලයන් හෝ භාණ්ඩ ප්‍රවාහනය කිරීමෙන් පසු ත්‍රීරෝද රථ රියදුරා විසින් රිසිට්පතක් නිකුත් කිරීම අනිවාර්ය වේ. ගමන් කළ දුර, වාහන ලියාපදිංචි අංකය, අය කළ ගාස්තුව සහ ලබාගත් දිනය එහි දැක්විය යුතු බව ගැසට් නිවේදනයේ දැක්වෙයි.
ඒ අනුව ත‍්‍රීරෝද රථ සඳහා නව ප‍්‍රමිති සහගත මීටරයක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පෙන්වා දී ඇත්තේ පාරිභෝගිකයින්ට වඩාත් විශ්වාසනීය සේවයක් ලබාදීම මෙහි අරමුණ බවයි.
ඔක්තෝබර් පළමු වනදා සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිත මෙම නියෝග සම්බන්ධයෙන් ත‍්‍රීරෝද රථ සංගම්ද විවිධ මත පළ කරයි. එමෙන්ම රථවාහන වැරදි සඳහා පනවනු ලබන රුපියල් 25,000 අවම දඩ මුදල ගැසට් කිරීමට අවශ්‍ය නීතිමය රාමුවද මේ වනවිට සකස් වෙමින් පවතියි.
එමෙන්ම යතුරුපැදි, හිස් වැසුම් සඳහා එස්.එල්.එස් සහතිකය ද අනිවාර්ය කර තිබේ.

