Full Video: ඇමති රවී කරුණානායක සංවේදී කතාවක් සිදුකරමින් පසුපෙළ අසුන් ගනී..
- RSL
- August 10, 2017
- දේශපාලන
- Ravi Karunanayake
- 0 Comments
වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළා.
තම තනතුර කැප කරන්නේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සම්මුතිවාදී ආණ්ඩුව වෙනුවෙන් බවයි ඔහු කියා සිටියේ.
ප්‍රකාශය ආරම්භ කරමින් ඔහු සඳහන් කළේ සමාජජාල හරහා මෙන්ම ඇතැම් මන්ත්‍රිවරුද තමන් පිළිබඳව පසුගියදා විවිධ ප්‍රකාශ සිදු කිරීම නිසා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමටත් තම ස්ථාවරය දැනුම්දීමටත් මෙම ප්‍රකාශය සිදු කරන බවයි.
තමන් සතු බත්තරමුල්ල ප්‍රදේශයේ නිවස ප්‍රතිසංස්කරණය කිරීම නිසා ලබා ගත් කුලී නිවස පිළිබඳවත් එම නිවස හිමිකර ගැනීම පිළිබඳවත් බැඳුම්කර කොමිසම හමුවේ තමන් කරුණු සඳහන් කළ බවත් ඔහු එහිදී සිහිපත් කළා.
පසුකාලීනව එම නිවස ලබා ගැනීම සඳහා මුදල් ලබා ගත්තේ තම පවුලේ පිරිස අධ්‍යක්ෂ පදවි දරණ ආයතනයනක් විසින් පුද්ගලික බැංකුවකින් ලබාගත් ණයකින් බව සඳහන් කළ අමාත්‍යවරයා එහි ලේඛණ සහ වාර්තා සභාගත කරන බවද කියා සිටියා.
තමන් ලලිත් ඇතුලත්මුදලි මහතා සමග දේශපාලනය ආරම්භ කළ බවත් ඔහුටද නැව් ගිල්ල බවට ඇතමුන් අභූත චෝදනා එල්ල කළ බවත් ඔහු කියා සිටියා.`