රේගු අංගනයේ රඳවා ඇති සීනි කන්ටේනර් 70 කොකේන් තිබේ දැයි බලයි
- RSL
- July 29, 2017
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
කොළඹ ඔරුගොඩවත්ත රේගු අංගනයේ රඳවා ගත් කොකේන් තොග සඟවා ඇති බවට සැකකරන සීනි කන්ටේනර් 70 පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සහ රේගුව විසින් පරීක්ෂා කිරීම ඊයේ (28 වැනිදා) සිට ආරම්භ කරන ලදී. මෙම සීනි කන්ටේනර් ආනයනය කර ඇත්තේද බ්‍රසීලයේ සිට බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.
රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේදී සතොසට අයත් සීනි කන්ටේනරයක තිබී රුපියල් කෝටි 320 ක් වටිනා කොකේන් තොගයක් පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම කොකේන් තොගය අත්අඩංගුවට ගැනීමෙන් පසු රේගු භාරයේ තිබූ තවත් සීනි කන්ටේනර් 54 කට මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් සීල් තබනු ලැබීය.
ඔරුගොඩවත්තේ රේගු අංගනයේ රඳවා ඇති සීනි කන්ටේනර් 70 පරීක්ෂා කිරීමට සතියක පමණ කාලයක් ගතවන බවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ ආරංචි මාර්ග පැවැසීය.