ඇමති මංගලගෙන් සෑම පුරවැසියකුටම බදු අංකයක්‌

Spread the love

රටේ සෑම පුරවැසියකුටම බදු අංකයක්‌ හඳුන්වා දිය යුතු යෑයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

එවැනි අංකයක්‌ ලබාදුන් පමණින් ඒ සියලු දෙනා බදු ගෙවිය යුතු යෑයි අදහස්‌ නොවන බව ද එහෙත් රටක්‌ ලෙස ඉදිරියට යැමේදී බදු ගෙවිය යුතු සියලු දෙනා බදු ගෙවිය යුතු බව ද ඇමැතිවරයා කියයි.

බදු පදනම පුළුල් කර ගැනීම සඳහා එය අවශ්‍ය කරුණක්‌ බව පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා එසේ කීවේය.