ඇමති මංගලගෙන් සෑම පුරවැසියකුටම බදු අංකයක්‌

Spread the love

රටේ සෑම පුරවැසියකුටම බදු අංකයක්‌ හඳුන්වා දිය යුතු යෑයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

එවැනි අංකයක්‌ ලබාදුන් පමණින් ඒ සියලු දෙනා බදු ගෙවිය යුතු යෑයි අදහස්‌ නොවන බව ද එහෙත් රටක්‌ ලෙස ඉදිරියට යැමේදී බදු ගෙවිය යුතු සියලු දෙනා බදු ගෙවිය යුතු බව ද ඇමැතිවරයා කියයි.

බදු පදනම පුළුල් කර ගැනීම සඳහා එය අවශ්‍ය කරුණක්‌ බව පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා එසේ කීවේය.

RSL

Related Posts