ඇමති රාජිතගේ කෙරුවාව ගැන අගමැතිට පැමිණිල්ලක්
- RSL
- July 18, 2017
- පුවත් සහ වාර්තා
- Minister Rajitha Senarathne, news, Prime Minister Ranil Wickramasinghe, reports
- 0 Comments
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා වෛද්‍යවරුන් පිරිසක් එක්කර ගනිමින් නව වෘත්තීය සමිතියක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින්නේ යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගමැතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කර තිබේ.
වෘත්තීය ගරුත්වයක් සහිත වෛද්‍යවරුන් අතර බෙදීමක් ඇතිවන ආකාරයට සෞඛ්‍ය ඇමතිවරයා කටයුතු කරමින් සිටින බවද එම සංගමය අගමැතිවරයාට යොමු කළ පැමිණිල්ලේ සඳහන් වේ.
සයිටම් ගැටළුවට විසඳුමක් අපේක්ෂාවෙන් කෙරෙන සාකච්ඡා ක්‍රියාදාමය රාජිත ඇමැතිවරයාගේ මෙවැනි වැඩපිළිවෙළවල් හේතුවෙන් කඩාකප්පල්වීමේ අවදානමක් තිබෙන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.