නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගැනීම ගැනීම පිටුපස ප්‍රෝඩාවක්! (Video)

Spread the love

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට අනුබද්ධ ශීක්ෂණ රෝහල ලෙස වෛද්‍ය සභාවේ අනුමැතියකින්ද තොරව පවත්වාගෙන ගිය මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඊයේ (17) දින ජනාධිපතිවරයා ඉදිරියේ රජයට පවරා ගත් බවට උත්සවයක් පවත්වා ආණ්ඩුව ප්‍රවෘත්ති නිවේදනය කළද එය සම්පූර්ණයෙන්ම ව්‍යාජ රංගනයක් බවට මේ වන විට සාක්ෂි හෙළිදරව් වී ඇත.

මෙම රෝහල අද දින පවරා ගත් බවට ගිවිසුම් පවා අත්සන කරනු දක්නට ලැබිණි.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත යොමු කර ඇති ලිපියේ සඳහන් වන්නේ රජය විසින් මෙම රෝහල බද්ධට ලබාගන්නා බවත් තවත් වසර 10ක් යනතුරු එම රෝහලේ හිමිකාරිත්වය දරන්නේ නෙවිල් ප්‍රනාන්දු මහතා බවත් ය.

එමෙන්ම සයිටම් රෝහල සම්බන්ධයෙන් පත් කරන ලබන මණ්ඩලයේ සභාපතිත්වයද හමිවන්නේ නෙවිල් ප්‍රනාන්දු මහතාටය. සෞඛ්‍ය අමාත්‍යාශයට ඒ සඳහා වූ කැබිනට් අනුමැතියද හිමිව තිබේ.

ඊයේ (17) ජාතික රූපවාහිනියේ පැවති ඇත්ත නැත්ත වැඩසටහනේදී ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නිල්නද ජයතිස්ස මහතාද මේ සම්බන්ධයෙන් හෙළිදරුව් කර සිටියේ ය.

RSL

Related Posts