සයටම් ආයතනයට සම්බන්ධ රෝහල රජයට පවරාගැනීම විසදුමක් නොවේ
- RSL
- July 17, 2017
- පුවත් සහ වාර්තා
- news, reports, SAITM
- 0 Comments
මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට සම්බන්ධ රෝහල රජයට පවරාගැනීම විසදුමක් නොවන බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධි මධ්‍යස්ථානය අද (17) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ආණ්ඩුවට අවධාරණය කර සිටියේ ය.
වෛද්‍ය උපාධිය මුදලට විකුණන සයටම් ආයතනය අහෝසි කිරීමෙන් තොරව ගෙනෙන මෙම විසදුම් ව්‍යාජ විසදුමක් බවත් මෙයට එරෙහිව අනෙකුත් සියලු වෘත්තිය සමිතීන් එක්කරගනිමින් වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් ඔවුන් අවධාරණය කර සිටියේ ය.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඇතුළු සෞක්‍ය සේවයේ වෘත්තීය සමිති නායකයින් පිරිසක් ඒ සඳහා එක්වී සිටියහ.
