මහනුවරදී අද මහ සඟරුවන මුණගැසෙන ජනපති
- RSL
- July 6, 2017
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments

බුද්ධාගමට සහ බෞද්ධ විහාරස්‌ථානවලට වර්තමානයේ මතුවී තිබෙන ගැටලු හා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට මහා සංඝරත්නය අද (06දා) මහනුවරදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය.
මේ සාකච්ඡාව මහනුවර ජනාධිපති මන්දිරයේදී අද පස්‌වරුවේ පැවැත්වේ.
මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මේ අවස්‌ථාවට සහභාගිවීමට නියමිතය.