සයිටම් ගැන ආණ්ඩුවේ මුනිවතට එරෙහිව කලින් නොදන්වාම වෛද්‍ය වර්ජනයක්!
- RSL
- May 24, 2017
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
සයිටම් ගැටලුව සඳහා සාධනීය විසඳුමක් නොලැබුණහොත් කලින් නොදන්වා ඕනෑම මොහොතක වැඩ වර්ජනයක් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පෙරේදා (22 දා) පැවති බවද, එහිදී අවසාන වශයෙන් තීරණය වූයේ මෙම ප්රශ්නය සඳහා සාධනීය විසඳුමක් නොලැබුණහොත් ක්‍රමානුකූලව වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කළ යුතු බව යෑයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කීවේය.
ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුවට පැවරීමට තීරණය වූ බවද, ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුවේ තීරණ අනුව ඕනෑම මොහොතක වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹිය හැකි බවද හෙතෙම කීවේය.