මීතොටමුල්ලේ දැරියන්ට දුන් තිසර පට ගැන පරීක්‍ෂණයක්‌! (Video)

Spread the love

මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් විපතට පත් දැරියන්හට ලබාදුන් තිසරපටවල තිබී සොයාගත් පෙති සහ ජෙල් වර්ගය සම්බන්ධයෙන් වහා පරීක්‍ෂණයක්‌ ආරම්භ කරන ලෙස හෙළ බොදු සවිය සංවිධානය පොලිස්‌පතිවරයාගෙන් ඉල්ලීමක්‌ කර තිබේ.

විපතට පත්වුවන් රැඳී සිටින මීතොටමුල්ලේ පිහිටි වී ගබඩාවට පසුගිය 27 දා පැමිණි කාන්තාවක්‌ පාසල් වයසේ දැරියන් පමණක්‌ තෝරගෙන මෙම තිසර පට බෙදා දී තිබිණි.

ඒවා ලබාගත් දැරියන් එම තිසර පට සේදීමට යැමේදී ඒ තුළ පෙති වර්ගයක්‌ සහ ජෙලි වර්ගයක්‌ සහිත පැකට්‌ටුවක්‌ තිබී හමුවී ඇත.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමිපාණෝ පැවසූහ.