ඇමති චම්පික හප්පාගෙන ගිය සන්දීපට තවත් සැත්කමක්
- RSL
- March 27, 2017
- පුවත් සහ වාර්තා
- Champika Ranawaka, news, Patali Champika Ranawaka, reports
- 0 Comments
මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පිකගේ වාහනයේ ගැටී බරපතළ තුවාල ලබා සිට පසුව සුවය ලබා සිය හෝමාගම පිටිපන නිවසට ගොස් සිටි සන්දීප සම්පත් තරුණයා ඊයේ (26 දා) උදැසන යළි ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
ඔහුගේ පියා වන දයානන්ද ගුණවර්ධන මහතා පැවැසුවේ ඔහුගේ දකුණු අත සැත්කමකට භාජනය කිරීම සඳහා මෙසේ රෝහලට ඇතුළත් කළ බවයි.
මෙම අනතුරෙන් පසු තවමත් තම පුත්‍රයාට සමබරව ඇවිදීමට නොහැකි වී ඇති බව ද දයානන්ද ගුණවර්ධන මහතා පැවැසීය.
සන්දීප සම්පත් තරුණයා කොළඹ ජාතික රෝහලේ 57 වාට්‌ටුවට ඇතුළත් කර ඇත.