විමල් මල් නොතලන තවත් දෙසතියක්!
- RSL
- February 20, 2017
- පුවත් සහ වාර්තා
- news, reports, wimal weerawansa
- 0 Comments
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුප්‍රකට විමල් වීරවංශ මාර්තු 06 වෙනිදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද(20) අධිකරණය නියෝග කළේය. ඒ තම පවුලේ අයවලුන් වෙනුවෙන් මහජන මුදල් කෝටි 10 කට අධික ප්‍රමාණයක් අපහරණය කරමින් සිදුකළ ඇති අපරාධය වෙනුවෙනි.
වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ඔහුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල අතර පරීක්ෂණ කටයුතු අවසන් නොවුන බැවින් සැකකරුට ඇප නොදෙන ලෙස පරීක්ෂණ නිලධාරීන් කල ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය විමල් වීරවංශ මහතා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කලේය.
