හෙළිවුණු අයර්ලන්තයේ දේපල ගැන අනුර කුමාර මුනිවතින් පිළිගනී! (විශේෂ)
- RSL
- February 1, 2017
- පුවත් සහ වාර්තා
- Anura Kumara Dissanayake, JVP, news, reports
- 0 Comments
පසුගියදා සමාජ ජාල තුළින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට අයත් යැයි කියන අයර්ලන්තයේ දේපල සම්බන්ධයෙන් ඒ මහතාගෙන් මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ, තමා සමාජජාල මඟින් ගෙන යන ප්‍රචාරයන්ට පිළිතුරු දීමට ඉදිරිපත් නොවන බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට අයත් කියන එම අයර්ලන්තයේ නිවසට අදාලව බදු ගෙවන ලෙස එරටින් නිකුත් කළ ලිපියක් සහ එම නිවසේ ජායාරූපද වෙබ් අඩවි සහ සමාජ ජාල මඟින් ජනතාවට අනාවරණය කර තිබිණි.
එහෙත් එලෙස සාක්ෂි සහිතව වෙබ් සහ සමාජජාල මඟින් අනාවරණය කර තිබුණි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට අයත් යැයි කියන එම දේපල සම්බන්ධයෙන් එතුමා මෙවැනි පිළිතුරක් ලබාදීම තුලින් අනුර කුමාර දිසානායක එය වක්‍රාකාරයෙන් පිළිගත් බවක් ග්‍රම්‍යවන බවත්, මේ තුළින් මෙතෙක් ජවිපෙ නායකයෙකු සම්බන්ධයෙන් එම පක්ෂයේ පහළ සාමාජිකයින්ට තිබූ විශ්වාසයත්, ජනතාව තුල ජවිපෙ කෙරෙහි තිබූ ප්‍රතිරූපය පැහැදිලිව බිඳීයන බවත් දේශපාලන විචාරකයෝ පවසති.