අධිකරණයට අපහාස කළ විමල්ගේ සහචරයෙක් අත්අඩංගුවට
- RSL
- January 25, 2017
- පුවත් සහ වාර්තා
- news, reports, wimal weerawansa
- 0 Comments
අධිකරණයට අපහස කිරීමේ චෝදනා මත විමල් වීරවංශගේ සහචරයෙකු වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ලබන මස 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඔහු අත්අඩංගුවට ගැණුනේ, හිටපු අමාත්‍ය විමල් වීරවංශ රක්ෂිත බන්ධනාරගත කිරීමේ නියෝගය නිකුත් කළ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී, මහේස්ත්‍රාත්වරිය දෙසට ඇඟිල්ල දිගු කරමින්, උස් හඬින් කථාකර තර්ජනාත්මක ප්‍රකාශයක් කිරීම හේතුවෙනි.
එහිදී එම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස, මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ය.
එම පුද්ගලයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණු අතර, ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියේ ය.