ජාතිවාදය ඇවිලවීමේ සංවිධානාත්මක ව්‍යාපාරයක්!

Spread the love

ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ ස්ථාන 04ක තිබූ බුදු පිළිමවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. පොලිසිය පවසන්නේ ඊයේ සහ අද අළුයම් කාලයේ දී සංවිධානාත්මක පිරිසක් විසින් එම බුදු පිළිමවලට හානි කර ඇති බවයි.

ඒ අනුව උප්පුවේලි වෙල්ගම්වෙහෙර, මොරවැව, පුල්මුඬේ සහ ගෝමරන්කඩවල යන ප‍්‍රදේශවල තිබූ බුදු පිළිමවලට මෙලෙස හානි කර ඇත.

උප්පුවේලි පොලිස් වසමට අයත් වෙල්ගම්වෙහෙර හන්දියේ පිහිටි බුදු පිළිමයට සහ ගෝමරන්කඩවල හිරියාය හන්දියේ පිහිටි බුදු පිළිමයට කළු තෙල් වත් කර තිබූ බව ද සදහන්.

සිද්ධිවලින් අනතුරුව ප‍්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා විසින් එම පිළිම සෝදා පිරිසිදු කර ඇත.

එමෙන්ම මොරවැව හන්දියේ බුදු පිළීමයේ සිරසට හානි කර ඇති අතර පුල්මුඬේ 14 කණුව ශාන්ති විහාරයට නුදුරින් පිහිටි බුදු පිළිමය කඩා දමා ඇත්තේ දෙවන වරටයි.

-දිනමිණ-