ජනපති ගැන කෙබර කෙලි වෙබ් අඩවිවලට වැඩ වරදී
- RSL
- January 4, 2017
- පුවත් සහ වාර්තා
- Maithripala Sirisena, news, President Maithripala Sirisena, reports
- 0 Comments
අද(04) දින යාපනයේ පැවැත්වීමට නියමිතව තිබු ආරක්ෂක අංශ වල ප්‍රධානීන්ගේ හමුව කොළඹ දී පැවැත්විමට කටයුතු සුදානම් කිරීම වෙනත් අතකට ගෙන ජනාධිපතිවරයා සහ සේනාධිනායකයාගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති කරමින්, රට තුළ කලබලයක් ඇති කිරීමට උත්සහ කරමින් අසත්‍ය පුවත් වාර්තා කල වෙබ් අඩවි කිහිපයකට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීම කෙරෙහි බුද්ධි අංශයන්හී අවධානය යොමුව තිබෙනවා.
මින් පෙරද, මෙවැනි වූ අසත්‍ය පුවත් වාර්තා කිරීම නිසා කිහිප දෙනෙක් අත්අඩංගුවට පත්ව තවමත් ඔවුන් පිළිබඳ නඩු විභාග වෙමින් පවතියි.
දිගින් දිගටම ලබා දී ඇති මාධ්‍ය නිදහස අයුතු ලෙස උපයෝගී කරගනිමින් ව්‍යාජ පුවත් වාර්තා කිරීම නිසා මුලු මහත් මාධ්‍ය ක්ෂේත්රයේම කඩා වැටීමක් සිදුවීමට ඉඩ ඇති බව මාධ්‍යවේදීන්ද තම මුහුණු පොත් හරහා අදහස් දක්වා තිබෙනවා.