තමා ස්විට්සර්ලන්තයේ සංචාරයක නිරතවන බැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩුව පෙරළීමට උත්සාහ කළ හැකි යෑයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02 දා) කියා සිටියේය.
ඊයේ පෙරවරුවේ අරලියගහ මැඳුරේදී මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ නව වසරේ වැඩ අරඹමින් අගමැතිවරයා රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් හමුවූ අතර 2017 වසරේ ආණ්ඩුව පෙරළන බවට හිටපු ජනාධිපතිවරයා කර තිබූ ප්‍රකාශය පිළිබඳව මාධ්‍ය විමසද්දී අගමැතිවරයා ඉහත ප්‍රකාශය කළේය.
හිටපු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය නිසා “මම මේ දවස්වල හරියට බය වෙලා ඉන්නේ” යෑයි සිනාසෙමින් පැවසූ අගමැතිවරයා තමා ස්විට්සර්ලන්තයේ ඩැවෝඩ් නුවර සංචාරයක නිරත වන බැවින් එම කාලය තුළ මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩුව පෙරළා දැමීමට උත්සාහ කර බලන්න පුළුවන් යෑයි ද උපහාස මුවින් පැවසීය. අගමැතිවරයාගේ මේ ප්‍රකාශයට අවට සිටි පිරිස ද සිනාසෙන අයුරු දක්නට ලැබිණි.
වොක්ස්වැගන් කර්මාන්තශාලාවේ වැඩකටයුතු ආරම්භ කරමින් රටපුරා ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීමේ වැඩකටයුතු ආරම්භ කරන බවත් 2017 වසර යහපාලන රජයට කාර්යබහුල වසරක් බවත් අගමැතිවරයා පැවසීය.