25,000 දඩයට පොලිසිය සූදානම්!
- RSL
- January 3, 2017
- පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka Traffic Police, traffic violations
- 0 Comments
රථ වාහන වැරදි කිහිපයකට අදාළව අයවැයෙන් යෝජිත රුපියල් විසිපන්දහසේ දඩය ක‍්‍රියාත්මක කිරීම කඩිනමින් සිදු කිරීමට අපේක්ෂා කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නව වසර වෙනුවෙන් රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (02) එක්වෙමින් පැවසීය.
ඔහු සඳහන් කළේ යෝජිත රුපියල් විසිපන්දහසේ දඩය සම්බන්ධයෙන් මේ වනවිට සිදු කරන සාකච්ඡා අවසන් වීමෙන් පසුව තරාතිරම නොබලා එය ක‍්‍රියාත්මක කරන බවත් එම දඩ මුදල් ක්‍රමවේදය අත්‍යාවශ්‍ය බවත්ය.
හුදෙක් වැරදි කරන අයට මෙම දඩ මුදල ක්‍රියාත්මක වන අතර අනෙක් නීති ගරුක පිරිසට ඉන් කිසිඳු කරදරයක් සිදු නොවන බව පොලිස්පතිවරයා පෙන්වා දුනි.
පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ නීතිය තදින් ක‍්‍රියාත්මක කිරීමට සියලු නිලධාරීන් කටයුතු කළ යුතු බවයි.