ගුටි නොකා බේරුණු මහින්දානන්ද කීර්තිනාමය වෙනුවෙන් රන්ජන්ගෙන් වන්දි ඉල්ලයි
- RSL
- June 22, 2016
- පුවත් සහ වාර්තා
- Mahindananda Aluthgamage, news, reports
- 0 Comments
ඊයේ (21) පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රභූ සෝපානය අසලදී මහින්ද පිළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අතර ගුටි බැට හුවමාරුවක් සිදුව තිබෙන අතර එහිදී අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ බොක්ෂින් පහරකින් අනු නවයෙන් බේරී දිව ගොස් ඇත.
රංජන් රාමනායක මහතා විසින් ඊයේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ මාසයක පමණ කාලයක සිට නවතා තබා ඇති ඩිෆෙන්ඩරයක් පිළිබඳ මාධ්‍ය වෙත අනාවරණය කරමින් එය ඩිෆෙන්ඩරය මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ බව පවසා සිටි අතර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු වූ වචනහුවමාරුවක් දුර දිගයාමෙන් මෙම ගුටි බැට හුවමාරුවක් සිදුව ඇත.
ඊයේ රන්ජන්ගෙන් ගුටි නොකා බේරුණු මහින්දානන්ද අලුත්ගමගේ අද (22) මාධ්‍ය හමුවක් පවසමින් කියා සිටියේ තම කීර්තිනාමයට වූ කැළල වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගෙන් හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේගෙන් රුපියල් මිලියන 500 ක් වන්දි ඉල්ලා එන්තරවාසි යවන බවයි.
රාජපක්ෂ රෙජීමයේ බජාරයේ සුපිරි සහචරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ සුපිරි කිර්තීනාමයට සිදු වී ඇති කැළලට මිලියන 500 ක් ප්‍රමාණවත් දැයි අපට සැක සහිතය.