ගංගොඩවිල අධිකරණයේ රෙජිස්ටාර්ට නොතීසි
- RSL
- June 18, 2016
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
නීති විරෝධීව අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේට එරෙහි නඩුවේ ගොනුව කොළඹ මහාධිකරණට ඉදිරිපත් කරන ලෙසට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට කොළඹ මහාධිකරණ විනිසුරු එම්. වෛද්‍යතිලක විසින් නොතීසි නිකුත් කර තිබේ.
අදාළ නඩු ගොනුව මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා මෙතෙක් කටයුතු කර නොමැති බව නීතිපතිවරයා විසින් දැනුම්දීමෙන් අනතුරුවයි මෙලෙස නොතීසි නිකුත් කර ඇත.
නඩු ගොනුව මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කර තිබුණේ ඉකුත් 13 වැනිදාය. එහෙත් එය මෙතෙක් සිදු වී නොමැත. කෙසේ වෙතත් අප වෙත වාර්තා වන පරිදි අලි හොරකමට සම්බන්ධ කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අත් අඩංගුවට පත් වීමෙන් බේරීම දැඩි පරිශ්‍රමයක් දරමින් සිටී.