සම්මාන 8 කින් පිදුම් ලබමින් බ්ලූ මවුන්ටන් ආසියා ශාන්තිකර දේපළ වෙළඳාම් සමුළුවේදී විශිෂ්ට ජයක් ලබයි
- RSL
- April 30, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- Blue Mountain, news, reports
- 0 Comments
දේපළ වෙළඳාම් අංශයේ දැවැන්තයා බ්ලූ මවුන්ටන්, පසුගියදා 2016 වසර සඳහා පැවති ආසියා ශාන්තිකර දේපළ වෙළඳාම් සමුළුවේදී සම්මාන 8 කින් පිදුම් ලැබීමට වරම් හිමිකරගත් පළමු ලාංකේය සමාගම බවට පත් වීමට සමත් විය.
මෙහිදී ලැබුණු සම්මාන 8න්, පහකට අමතරව ඔවුන්ගේ නවතම සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් සිංගප්පූරුවේ පාමර් සහ ටර්නර් උපදේශක සමාගම හා හවුල් සම්මාන 3 ක් දිනා ගැනීමටද බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරයට හැකි විය.
‘’International Property Media UK’’ ආයතනය විසින් මෙහයවන, කලාපීය වශයෙන් අති මහත් කීර්තියට පත් එවැනි සම්මාන උළෙලකදී සම්මානයට පාත්‍ර වීම වඩාත්ම සම්මානිත ශ්‍රී ලාංකේය දේපළ වෙළඳාම් සමාගම ලෙසද බ්ලූ මවුන්ටන් නාමය බැබළවීමට හේතු වේ.
මැලේසියාවේ ක්වලාලම්පූර්හිදී පැවති ආසියා ශාන්තිකර දේපළ වෙළඳාම් සමුළුවේදී සම්මානයට පාත්‍ර වෙමින් –
වමේ සිට – බ්ලූ මවුන්ටන් කළමනාකාර අධ්යක්ෂ මොහාන් පෙරේරා, සභාපති වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි, අන්තර්ජාතික දේපළ වෙළඳාම් සම්මාන සමුළුවේ සභාපති ස්ටුවර්ට් ෂීල්ඞ්, බ්ලූ මවුන්ටන් ව්‍යාපෘති අධ්යක්ෂ තිලාන් අනුරාධ