එ.ජා.ප. මන්ත්රී චන්දිම ගමගේ හරඹ පෙන්වයි!
- RSL
- April 29, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lankan Parliament
- 0 Comments
තම මෝටර් රථය අලුත්වැඩියා කිරීමක දී සෑහීමකට පත් නොවූ එ.ජා.ප. අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චන්දිම ගමගේ විසින් ගරාජ හිමියකුට පහර දී බරපතල තුවාල කර ඇතැ යි වාර්තා වෙයි.
කැකිරාව ප්රදේශයේ ගරාජ හිමිකරුවෙකු මන්ත්රීවරයාගේ නිවසට ගොස් අදාළ රථය අලුත්වැඩියා කර ඇති අතර, එම රථයේ යම් කොටසක අලුත්වැඩියා කිරීමට ඇති අපහසුව මන්ත්රීවරයාට පැහැදිලි කිරීමට යාමේදී කෝපයට පත් වූ මන්ත්රීවරයා යකඩ පොල්ලකින් එම පුද්ගලයාට පහර දී ඇතැයි වාර්තා වෙයි.
තුවාල ලබා කැකිරාව රෝහලට අැතුළත් කරනු ලැබූ ගරාජ හිමිකරු අනුරාධපුර මහ රෝහල වෙත මාරු කර යවා ඇත. යහපාලන කිරි කලයට ගොම දමන මෙවැනි මන්ත්රීවරු සහ මර්වින් සිල්වා වැනි පෙර මහින්ද රෙජිමයේ සිටි ඇමැතියන් අතර මහ වෙනසක් නැත.
දැනගන්නට ඇති පරිදි තවමත් අදාළ මන්ත්රීවරයා අත්අඩංගුවට ගෙන නැත.
(මෙහි පළකර ඇති අමුතු සිංහල ඡන්ද පෝස්ටරය අන්තර්ජාලයෙන් උපුටා ගැනුණකි.)
