එහෙ හිටපු ජනපති සහ මෙහෙ හිටපු ජනපති!
- RSL
- April 11, 2016
- දේශපාලන, විශේෂාංග
- Mahinda Rajapaksa
- 0 Comments
මියැන්මාරයේ හිටපු ජනාධිපතිවරයා තාවකාලික පැවිද්ද ලබා ගෙන ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. හමුදා පාලනයක් මෙහෙයවූ Thein Sein නම් හිටපු ජනරාල් මෙන් ම ජනපතිවරයා මෙසේ තාවකාලික පැවිද්ද ලබාගෙන ඇත්තේ දින 4කට වුවත් එහි ඇති වටිනාකම අඩුවෙන් තක්සේරු කළ යුතු නොවෙයි.
මෙම කරුණ, මෙරට සන්දර්භයට අනුව සලකා බැලුවහොත් එය පුදුමයක් සේ දැනෙයි. අපේ හිටපු ජනපතිවරයා යනු, ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවත් ගෙදර නොයා ජාතිවාදය අවුස්සමින් නැවතත් බලයට එන්නට කැසකවන්නෙකි. ජනාධිපතිධුරය යනු යම් රටක දේශපාලකයෙක්ගේ දේශපාලනයේ කූටප්‍රාප්තිය යි. එය දෙවතාවක් ම දැරීමෙන් පසුවත් නැවත එය ඉල්ලා කරන හැඬීම බුද්ධිමත් ජනතාවකට නම් මුව සිනා නංවන්නකි.
එසේම එක් වතාවක් නොව දෙවතාවක්ම ජනාධිපතිවරණයෙන් සහ මහමැතිවරණයේදී අගමැතිධුරයටවත් නොසුදුසු බව ජනතා ඡන්දයෙන් මෙරට පොදු මහජනතාව සපථ කළ මහින්ද රාජපක්ෂට අමතකද? එසේ නොමැති නම් පන්සල් පුරා ගියද ප්‍රඥාව බිඳක් වත් නොමැති ඔලු කුහරය තුල බල තණ්ණාව නැමැති නොසිඳෙන පිපාසයෙන් පෙලෙන ප්‍රේතයෙකු නිසාවෙන්ද?
