මනුෂ බලය අල්ලයි!
- RSL
- April 6, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
මනුෂ නානායක්කාර වසරකට පෙර කිව්වේ, වසරක් ඇතුළත යහපාලන රජය පෙරළා දමා බලය නැවත ලබා ගන්නා බව යි. මේ උන්දලාට ලජ්ජාවක් කියා දෙයක් ගෑවිලාවත් නැති බව ඇත්ත ය. ඒත් මේ උන්දලාට ඡන්දය දෙන ඡන්දදායකයින්ට ලැජ්ජාවක් කියා තවදුරටත් දෙයක් ඉතිරි නොකරමින් නියම කරණමක් ගසා ඇත.
ඒ වසරකට පෙර පාරම් බෑ දේවල් රෙද්ද පල්ලෙන් බේරෙද්දී මනුෂ නානායක්කාර විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධුරය භාරගෙන ඇත. කාලයක් රටේ ජනතාවගේ මොළ හෝදන්නට කතා කළ මනුෂට ටික දිනකින් නායකයන්ගේ රෙදි සෝදන්නට ශක්තිය සහ වාසනාව ලැබේවා යි අපි ප්‍රාර්ථනා කරමු.
