බාර්කාරයෝ 100ක් පාර්ලිමේන්තුවේ!
- RSL
- March 21, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka Political
- 0 Comments
වත්මන් පාර්ලිමේන්තු නියෝජිත මන්ත්‍රීන්ගෙන් 100 දෙනෙකුට මත්පැන් අලෙවිහල් තිබෙන බව වාර්තා වී ඇත. මුලු පාර්ලිමේන්තු නියෝජිත සංඛ්‍යාව 225ක් වන අතර, මේ අනුව ඉන් හරි අඩකට ආසන්න ප්‍රමාණයකට මත්පැන් අලෙවිහල් තිබෙන බව පෙනී යයි.
මේ අතරින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීන් දෙදෙනෙක් සතුව මත්පැන්හල් 10 බැගින් තිබෙන බව දැනගන්නට ඇත. එක් අලෙවිසලකින් මසකට රුපියල් ලක්ෂ 20ක පමණ ලාබයක් ලැබෙන බව ද වාර්තා වෙයි.
දිගින් දිගට ම මත්පැන් මිල වැඩිකරන්නට ආණ්ඩුව කටයුතු කළ අතර මේ අලෙවිසැල්වලම බොහෝ විට අවහන්හල් පිහිටුවා තිබේ. මේ හරහා සේවා ගාස්තු ආදිය එකතු කර අතිවිශාල ලාභයක් උපයන්නට මොවුන් සමත් වෙති.
මෙලෙස විවිධ ක්‍රමවලින් මුදල් උපයනවාට අමතරව තම දීමනා වැඩිකරගන්නට ද මොවුන් දැන් උත්සාහ දරති. ජනතාවට පටි තද කරගන්නට කියති.
