රට පුරා විදුලිය කප්පාදුවක්!
- RSL
- March 15, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lankan Government
- 0 Comments
පසුගිය දා මුළු රටට ම සිදු වූ විදුලිය බිඳ වැටීමෙන් පසු නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය මුළුමනින් ම බිඳ වැටී ඇතැ යි වාර්තා වෙයි. එයින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900ක පමණ ධාරිතාවක් අහිමි වන බවත් ඒ හේතුවෙන් සමස්ත විදුලි අවශ්‍යතාවෙන් මෙගාවොට් 400ක පමණ හිඟයක් ඇතිවෙන බවත් වාර්තා වෙයි. ඒ අනුව රටපුරා ප්‍රදේශ අනුව නොදන්වා කෙරෙන විදුලි කප්පාදුවක් නුදුරේ ක්‍රියාත්මක කෙරෙනු ඇති.
කෙසේ වෙතත් දැනගන්නට ලැබෙන පරිදි මේ විදුලි කප්පාදුව පෙර දැනුම් දීම්වලින් තොරව කිරීමට සැලසුම් කර ඇත. එය ජනතාවගේ පාර්ශ්වයෙන් හොඳ තීන්දුවක් නොවන බව සටහන් කළ යුතු ය. විදුලි කප්පාදු කිරීමේ සැලසුම සහ වේලාවන් පිළිබඳ ව ජනතාව දැනුවත් කරන්නේ නම් ඔවුන්ගේ වැඩ සැලසුම් කර ගැනීම හරහා පත්වන අපහසුතාවන් සමනය කරගැනීමට ඉඩ ප්‍රස්ථා සැලසෙනු ඇති.
