උඩුවේ හිමි ඇඬුවේ ඇයි? – එහිමි අලි ජාවාරමට ද සම්බන්ධ සේක!
- RSL
- March 9, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka Law
- 0 Comments
උඩුවේ ධම්මාලෝක හිමි මේ වන විට සිටින්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ය. ඒ නීතිවිරෝධීව වන අලි පැටියෙකු ලඟ තබා ගැනීම හේතුවෙනි. ඉතාම හාස්‍යජනක ලෙස එය එසේ නොවෙතැ යි කියන්නට දත කෑව ද උන්නාන්සේ හත් පොළේ ගා ගැනීමට වඩා දෙයක් කරගත්තේ නැත.
එහෙත් බරපතළම කරුණ නම් එය නොවේ. අලි පැටියෙක් තබාගන්නවාට අමතරව අලි රොෂාන්ලා සමඟ අලිපැටවුන් ජාවාරම් කරන්නට ද ඇලන් මැතිනියාරාමාධිපතිවරයා ක්‍රිියා කර ඇති වීම යි. මාධ්‍යවේදී සජීව විජේවීර හෙළිකළ පරිදි අලි රොෂාන්ලා ගෙන එන වන අලි පැටවුන් රඳවා තබා ගැනීමට ඇලන් මැතිනියාරාමය භාවිත කොට තිබෙන බව පෙනී යයි.
සජින් වාස්ට නීති විරෝධීව අල්ලාගෙන සිටි අලි පැටවුන් දෙදෙනා ද, ගෝඨාභය රාජපක්ෂගේ අලි පැටවුන් ද ආදී වශයෙන් බොහෝ අලි පැටවුන් මේ ආරාමයේ රඳවා සිට ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග තොරතුරු සඳහන් කරයි. ඒ අනුව, අලි රොෂාන්ලා සමඟ උඩුවේ හිමි ද අලි ජාවාරාමට සම්බන්ධව සිට ඇති බව පැහැදිලි ය.
