Blue Mountain සමාගම P & T සමුහය ව්‍යාපාරය සමඟ අත්වැල් බැඳගනී
- RSL
- March 2, 2016
- ආර්ථික සහ ව්‍යාපාරික
- Blue Mountain
- 0 Comments
දේපළ වෙළඳාම් අංශයේ දේශීය දැවැන්තයා බ්ලූ මවුන්ටන්, අන්තර්ජාතික තලයේ ගෘහනිර්මාණ සහ ඉංජිනේරු සේවා සැපයුම් අංශවල ප්‍රමුඛයෙකු වන P&T සමූහ ව්‍යාපාරය හා අත්වැල් බැඳ ගනියි.
P&T සමූහ ව්‍යාපාරය හා එක්ව බැඳෙන මෙම සහයෝගීත්වයෙන් හා ශක්තියෙන්, දේශීය දේපළ වෙළඳාම් ක්ෂේත‍්‍රයේ නව පෙරළියක් ඇති කිරීමටත්, එ් ඔස්සේ සිය ව්‍යාපෘතීන්හි වටිනාකම් පුළුල් කිරීමටත්, සැබවින්ම ආශ්වාදජනක නව පන්නයේ ජීවන අවස්ථාවන්ගෙන් පාරිභෝගිකයන් වඩ වඩාත් තෘප්තිමත් කිරීමටත් තම සමාගමට හැකිවනු ඇති බවට බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරයේ අධිපති, වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි(MBBS – කොළඹ, MBA-ඕස්ට්‍රේලියා) මහතා විශ්වාසය පළ කරයි.