මහ බැංකු අධිපති අද කෝප් කමිටුව හමුවට!
- RSL
- February 25, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, Ranil Wickramasinghe, reports, Sri Lankan Government
- 0 Comments
පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මහ බැංකු අධිපතිවරයා අද (25) දින පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) වෙත කැඳවා ඇතැයි වාර්තා වෙයි.
යහපාලන රජය යටතේ මහ බැංකු අධිපතිවරයා බවට පත් වූ අර්ජුන් මහේන්ද්‍රන් මේ චෝදනාවට ලක් වූ අතර ඔහුගේ පුත්‍රයාට අයත් සමාගමක් ද මේ හා සම්බන්ධ බව කියවිණි. වත්මන් කෝප් කමිටුවේ සභාපතිත්වය දරන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසිනි.
