උපාසක කරු ගැන නරක කතාවක්!
- RSL
- February 23, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, United National Party
- 0 Comments
කරු ජයසූරිය වත්මන් පාර්ලිමේන්තුවේ කථානායකවරයා ය. උපාසක පෙනුමකි. සැර-වැර-මැර පෙනුමට නැති ය. පෙනුමෙන් මහත්මා දේශපාලකයෙක් සේ ය. එහෙත් උපාසක බළල්ලු මීයන් දෙදෙනා බැගින් අල්ලනවා යැයි ජනවහරේ කියන්නාක් මෙන් ආරංචියක් අප වෙත ලැබී තිබේ.
ඒ නම්, කොළඹ-නුවර අධිවේගී මාර්ගයේ සැලැසුම් වෙනස් කිරීමක් ගැන ය. කතානායක කරු ජයසූරියගේ නිවස බේරා ගැනීම සඳහා අධිවේගී මාර්ගයේ සැලැසුම වෙනස් කර ඇති බවත් නව සැලැසුම නිසාවෙන් මුලින් තිබුණු සැලසුමෙන් සිදුවනවාට වඩා බොහෝ දේපළ හානි වන බවත් වාර්තා වේ. මෙය කරු ජයසූරිය පෙන්වන දේශපාලන ප්‍රතිරූපයටත් යහපාලන ප්‍රතිපත්තිවලටත් කිසිසේත් ම ගැලපෙන්නේ නැති බව අමුතුවෙන් කිව යුතු නො වේ.
