ඥානසාරගේ තටු හැළෙයි!
- RSL
- February 12, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- Bodu Bala Sena, news, reports
- 0 Comments
අප මෙයට පෙරද වාර්තා කළ පරිදි බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර උසාවියට අපහාස කරමින් කොලහල කර රක්ෂිත බන්ධනාගාරගතවීම හුදෙක් එවේලෙහි ඇතිවුණ හැඟීම්බර තත්වයක් මත සිදු වූවක් නොවේ. එය තනිකරම සැලසුම් සහගත කුමන්ත්‍රණයකි. ඒ බව පසුගිය දා ඥානසාර අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප අයැදි විට විනිසුරුවරයා පවා පවසා තිබේ.
කෙසේ වෙතත් මේ නඩුවේ සාක්ෂිකරුවන්ගේ ක්‍රියාමාර්ග වෙනස් කිරීම වෙනුවෙන් කල් ඉකුත් වූ බලගතු පුද්ගලයෙක් මේ ඥානසාර පිල්ලිය එවා ඇති බව අපි මෙයට පෙරද සඳහන් කළෙමු. අධිකරණයේ දී විනිසුරු පවසා තිබුණේ, ඇප ලැබුණු පසුව ද මේ නඩුව ගැන හෝ නීතිය ගැන හෝ ප්‍රකාශ නිකුත් කරන්නේ නම් ඇප අහිමි කර නැවත රිමාන්ඩ් බන්ධනාගාරගත කරන බව ය. කෙසේ වෙතත් පළමු චෝදනාවට ඇප ලැබුණද සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීමේ චෝදනාවට නැවත ඥානසාර බන්ධනාගාරගත කෙරිණි.
මෙලෙස නීතිය අභියෝගයට ලක් කිරීමට එරෙහිව නීතය නිවැරදිව ක්‍රියාත්මක වීම ගැන නම් අධිකරණ පද්ධතියට අපේ කෘතඥතාව හිමි විය යුතු ය.
