ආරක්ෂක ඇමැතිධුරය සරත් ෆොන්සේකාට?
- RSL
- January 31, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- General Sarath Fonseka, news, reports
- 0 Comments
පසුගිය දා අභාවයට පත් ඇමැති එම්.කේ.ඩී.එස්. ගුණවර්ධනගෙන් හිස් වූ එ.ජා.ප. ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය කා හට හිමි වේ ද යන්න පසුගිය දිනවල බොහෝ කතා බහට ලක් වූ කරුණකි. උපුල් ශාන්ත, රෝසි සේනානායක වැනි පරාජිතයන් ද මේ කෙරෙහි ඇස ගසා සිටි අතර ජාතික ලැයිස්තුවේ පිරිසක් ද මේ අතර වෙති. එමෙන් ම ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපතිවරයාට මෙම මන්ත්‍රිධුරය හිමිවනු ඇතැයි ද කියැවිණි.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරන ආකාරයට එළඹෙන පෙබරවාරි 09 වැනිදා මේ ධුරයෙහි දිවුරුම් දෙනු ලබන්නේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ය. මේ පිළිබඳව අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ බරපතළ විරෝධය එල්ල වී ඇති බව වාර්තාවෙයි. කෙසේ වෙතත් එම විරෝධය නොතකා හැර ඇති බවක් පෙනී යයි. සරත් ෆොන්සේකා සතු විශේෂඥ ආරක්ෂක දැනුම නිසා, ඔහු ආරක්ෂක අමාත්‍යධුරය ලබනු ඇති බව වාර්තා වෙයි.
