ඇමැති රාජිතට නඩු!
- RSL
- January 16, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka Political
- 0 Comments
පෙර මහින්ද රාජපක්ෂ යුගයේ දී බලගතු ඇමැතිවරයෙක්ව සිට පසුව යහපාලනයට එක් වූ දැන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යහපාලන ආණ්ඩුවේ පොල්මංක්කාරයා වැනි ය. පවුල් සමාගමක් ඔහුට ද හිමි ය. කෙසේ වෙතත්, ඔහු සෞඛ්‍ය ඇමති වූ සැනින් මාලබේ වෛද්‍ය විද්‍යාලයට නොයෙක් පහසුකම් ලැබෙන්නේ ය. ඔවුන් ඉල්ලූ සැනින් රජයේ රෝහල්වල පුහුණුව ලැබෙන්නේ ය.
ඔහුගේ ලේලියක එහි උගන්නා බැවින් එයට පහසුකම් හනික ලැබෙනවා යන චෝදනාව ද වටින් පිටින් නැගෙන්නේ ය. ඔහු තවමත් ඊට උත්තර සපයා නැත්තේ ය.
කෙසේ වෙතත්, ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔහුට විරුද්ධව නඩු පවරන බව පැවසුවේ, මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමට එරෙහි ව ය.