අයවැයෙන් අමතක කල තරුණ පරපුරේ උවමනාවන් වෙනුවෙන් අරගල කරනවා – බිමල් රත්නායක
- RSL
- November 27, 2011
- Uncategorized
- අයවැය, ජවිපෙ, තරුණ පරපුර, බිමල් රත්නායක, සමාජවාදී තරුණ සංගමය
- 0 Comments
අපේ රටේ රැකියා විරහිත තරුණ තරුණියන්, රැකියා විරහිත උපාධිධාරීන් සහ රැකියා අහිමිවූ කම්කරුවන් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ හත්වැනි අයවැයෙනුත් සහන ලැබී නැතැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ පැලවත්ත, බත්තරමුල්ල පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය.
“සුපුරුදු විදිහට මෙවර අයවැයෙනුත් අපේ රටේ තරුණ පරපුර අද අමතක කරල තියෙනව. මෙවර අයවැයෙන් තාරුණ්‍ය ගැන තාරුණ්‍යයේ දැවෙන ප්රශ්නය වුන රැකියා ප්රශ්නය ගැන සඳහන් කරන්න මහින්ද මහත්තය වෙන්කරල තියෙන්නෙ පුංචි කොලම් එකක සෙන්ටිමීටර් හයක් විතරයි. හැබැයි ඒ ටිකත් තරුණයන්ගෙන් අදහස් විමසල නෙවෙයි අරගෙන තියෙන්නෙ. ව්‍යාපාරිකයන්ගෙන්.“