ළමා ජාවාරමක් පිළිබද තෙරුතුරු රාවතාවත්තෙන් – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
- RSL
- November 24, 2011
- Uncategorized
- ළමා නිවාස, ළමා රක්ෂක අධිකාරිය
- 0 Comments
ළමා නිවාසයක් උපයෝගී කරගනිමින් සූක්ෂම ලෙස පවත්වා ගෙන ගිය ළමා ජාවාරමක් පිළිබඳ තොරතුරක් ඊයේ (23) මොරටුව – රාවතාවත්ත ප්‍රදේශයෙන් වාර්තා වූ බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය සඳහන් කරයි.රාවතාවත්ත ප්‍රදේශයේ ළමා නිවාසයක ළමයින් විකිණීමේ කටයුතු සිදුවන බවට ළමා ආරක්ෂක හදිසි ඇමතුම් අංශයේ 1929 ලැබුණු තොරතුරු මත මෙම කරුණු අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව ඊයේ දහවල් ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් අදාළ ළමා නිවාසය පරීක්ෂා කර ඇත.ළමයින් 45 දෙනෙකු පමණක් එහි නීත්‍යානුකූලව ලියාපදිංචි වී සිටියද පරීක්ෂා කරන අවස්ථාවේදී ළමයින් 70 කට ආසන්න සංඛ්‍යාවක් එහි රඳවා ගෙන සිට ඇත.
ගැබිණි මාතාවන් දරු ප්‍රසූතිය සිදුවන තුරු රඳවාගෙන සිට එම දරුවන් ද අලෙවි කර ඇති බවට ද මෙම ස්ථානයට එරෙහිව පැමිණිලි ඉදිරිපත්ව ඇත.
වැටලීම් සිදුවන අවස්ථාවේ ගැබිණි මාතාවන් කිහිපදෙනෙකු සහ ආසන්න දිනකදී දරුවන් ප්‍රසූත කළ මව්වරුන් කිහිපදෙනෙකු ද අලූත උපන් බිළිඳුන් කිහිපදෙනෙක් ද ළමා නිවාසයේ සිටි බව ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය ප්‍රකාශ කරයි.
ඇමරිකානු ඩොලර් දස දහසක් ගෙවා දරුවන් ගෙන යාමට පැමිණියේ යැයි සැකකළ හැකි විදේශිකයන් කිහිපදෙනෙකු ද එම ස්ථානයේදී ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් විසින් හදුනාගෙන තිබේ.