ජනපති ජන්ම දින නිමිත්තෙන් කිරිඅම්මාවරුනට හා පියවරුනට දානමය පිංකමක්
- RSL
- November 17, 2011
- Uncategorized
- 0 Comments
හෙටට (18) යෙදෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ 66 වන ජන්ම දිනය නිමිත්තෙන් කිරිඅම්මාවරුන් දහසක් හා පියවරුන් සියයක් වෙනුවෙන් මහා දානමය පුණ්‍යකර්මයක් අද (17) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.
එම පිංකමට සහභාගීවීමට එහි සපැමිණි ජනාධිපතිතුමන්ට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් ප්‍රමූඛ මහා සංඝරත්නය පිරිත් සජ්ජායනා කරමින් සෙත් පැතූ අතර එහි පැවැත්වුණු ආගමික වතාවත්වලට ජනාධිපතිතුමා ද එක් විය.
අනතුරු ව පැවති මහා දානමය පිංකමට එක්වෙමින් ජනාධිපතිතුමන් ද කිරි අම්මාවරුන්ට හා පියවරුන්ට දානය පිළිගැන්වීමට එක් වුයේ ය.