ශ්‍රී ලංකා ආධාරවලින් මාලදිවයිනේ මහමාර්ගයක් ඉදිවේ
- RSL
- November 10, 2011
- Uncategorized
- 0 Comments
දහහත් වැනි සාර්ක් රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට මාලදිවයින බලා ඊයේ (9 ඔක්.) පිටත්ව ගිය අතර අද්දු ගැන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කුඩා දැරියක හා දරුවකු විසින් පිළිගන්නා ලදි.
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා සහ ජනාධිපති ආර්යා ලයිලා අලි අබ්දුල්ලා මහත්මිය ද ඊට සහභාගී විය.
මේ අතර ශ්‍රී ලංකා රජයේ ආධාර මගින් මාලදිවයිනේ ඉදිකරන මාර්ගයක් සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ මුල්ගල තබනු ලැබිණි.
මේ යටතේ මාලදිවයිනේ අද්දූ නගරයේ, මරුදු සහ සෙයිදු ප්‍රදේශ යා කරමින් කොන්ක්‍රීට් අතුරා මාර්ගය සංවර්ධනය කෙරෙනු ඇති.
ශ්‍රී ලංකාවේ පුර්ණ මූල්‍ය අනුග්‍රහය යටතේ ඉදිවන මෙම මාර්ගය කිලෝ මීටර් හතර හමාරක දිගින් යුක්තවන අතර ඒ සඳහා වැය කරන මුදල ඩොලර් මිලියන 10කි.