කොහොම විරුද්ධ වුනත් අපිට ඕන පනත් ගේනවා – අගමැති
- RSL
- August 14, 2011
- Uncategorized
- දි. මූ. ජයරත්න
- 0 Comments
කොතරම් විරෝධතා පැමිණියද පනත් සම්මත කර ගැනීමට එය බාධාවක් කර නොගන්නා බව අග්‍රාමත්‍ය දී. මූ. ජයරත්න මහතා, ඊයේ (13 අගෝ.) කළුතර උතුර ශ්‍රී නීග්‍රෝධාරාම විහාරයේදී පැවති උත්සවයකදී පැවසීය.
“අපි ඉදිරිපත් කරනවා එක එක පනත් ඒවාට ඡන්ද හම්බවෙන්නේ නැහැ. බොහෝම විරුද්ධ වෙනවා තදබල විදියට. ඒවා අපි එකක්වත් ගණන් ගන්නේ නැහැ. ඔබ වහන්සේලාට පේනවා ඇති ටෙලිවිෂන් එකේ පේනවා ඇති මොනතරම් විරුද්ධ වෙනවාස කියලා. ඒ මොන විරෝධතාවයක්වත් අපි ගණන් ගන්නේ නැහැ. ඇයි අප තීරණය කරනවා මේ පනත මේ සමාජයට මේ රටට ප්‍රයෝජනවත් සමහර ඒවා ඩිංගක් ප්‍රමාද වෙනවා. පොඩි පොඩි අවුල් නිසා. ඒ වුණාට අපි අතහරින්නේ නැහැ. ඒවා ආපහු ගෙනෙන්න ආයි සූදානම් කරලා තියෙනවා” යැයි මෙහිදී අග්‍රාමාත්‍යවරයා පැවසීය.