බස් ගාස්තු ඉහළ යන ලකුණු
- RSL
- October 31, 2011
- Uncategorized
- 0 Comments
ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්දන මිළ ඉහල දැමීම හේතුවෙන් භාණ්ඩ රැසක මිල සහ බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවනු ඇති බව වාර්තා වේ.
මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියේ ඩීසල් මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනය විය යුතු ආකාරය පිළිබඳ ඉක්මනින්ම තීරණයක් ගන්නා බවයි.
ලබන අඟහරුවාදා සංගමයේ නිලධාරීන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවකින් පසු ඒ පිලිබදව ප්‍රකාශ කරන බව එම සංගමය කියා සිටියි.