යාපනය සරසවි සිසුන්ට පහරදීමට එරෙහිව රුහුණු සිසුන් විරෝධතාවයක
- RSL
- October 29, 2011
- Uncategorized
- 0 Comments
පසුගිය දින කිහිපයේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට පහරදීමට එරෙහිව රුහුණු විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ඊයේ (28 ඔක්.) උද්ඝෝෂණයක් පැවැත්විණි.
රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
මේ වනවිට යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකුට මැර ප්‍රහාර එල්ල වී ඇති බවත්, යාපනයේ සිසුන්ට එල්ල වන මෙම මැර ප්‍රහාරයන්හි සම්පූර්ණ වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බවත් මෙහිදී අදහස් දැක්වූ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නන්දික ගුණතිලක මහතා පැවසිය.