‘ටී.එන්.එල්.’ සහ ‘ඉසිර’ ගුවන් විදුලියට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නඩු

Spread the love

අසත්‍ය සහ වැරදි ප‍්‍රවෘත්ති පළ කරමින් සිය කීර්ති නාමයට හානි සිදුකරන ලදැයි පවසමින් ‘ට‍්‍රයඞ්’ පුද්ගලික සමාගමේ සම කළමනාකාර අධ්‍යක්ෂ දිලිත් ජයවීර මහතා විසින් ‘ටී.එන්.එල්.’ සහ ‘ඉසිර’ ගුවන් විදුලියට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නීතිඥවරු මාර්ගයෙන් එන්තරවාසියක් යවා ඇතැයි වාර්තා වේ.

‘ටී.එන්.එල්.’ සහ ‘ඉසිර’ ගුවන් විදුලියේ විවිධ වැඩසටහන් මගින් දිලිත් ජයවීර මහතාගේ කීර්ති නාමයට හානිකර අයුරින් ප‍්‍රවෘත්ති පළ කෙරුණු බව අදාළ එන්තරවාසියේ සඳහන් වේ.

රුපියල් මිලියන 500යේ වන්දිය ලබා නොදෙන්නේ නම් නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බව දිලිත් ජයවීර මහතා සිය නීතිඥයන් මගින් දැනුම්දී ඇත.

කෙසේවුවද, ටී.එන්.එල්. රූපවාහිනිය හා ඉසිර ගුවන්විදුලියේ පෙරවරු වැඩසටහන්වලදී කොටස් වෙළෙඳ පොලේ අක‍්‍රමිකතා හා මිනීමැරුම් සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් කරන ලද හෙළිදරවු කිරීම්ක් හේතුවෙන් තමාට මරණීය තර්ජන එල්ලවී ඇති සදහන් කරමින් ටී.එන්.එල්. ආයතනයේ සභාපති ශාන් වික‍්‍රමසිංහ මහතා ඊයේ තානාපති කාර්යාලවලට ලිපියක් යොමුකර තිබුන අතර පොලිස්පතිවරයාටද පැමිණිලි කර තිබිණ.

ඒ අනුව ශාන් වික‍්‍රමසිංහ මහතාගේ පැමිණිල්ලට අදාලව කොළඹ අපරාධ කොට්ඨාශය පසුගිය දා (27 ඔක්.) ඔහුගෙන් උත්තරයක් ද ලබාගෙන තිබිණ.

දෛනික පුවත්පත් ඉලක්ක කරගෙන පෙ.ව. 7.00 සිට සතියේ සම දිනකම සිදුකරන උදෑසන වැඩසටහනේදී පසුගිය කාලය පුරා සිදුවූ ඝාතන කිහිපයක් හා කුඩු ජාවාම්කරුවන් හා දේශපාලඥයින් විසින් කොටස් වෙළඳපොල අයථා ලෙස මෙහෙයවීම සම්බන්ධයෙන් මත කිහිපයක් ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස මරණීය තර්ජන ලැබෙමින් තිබෙන හෙතෙම පොලිසියට ප්‍රකාශ කර තිබේ.

RSL

Related Posts