ජනපති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනී
- RSL
- October 16, 2011
- Uncategorized
- 0 Comments
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ උදෑසන (15 ඔක්.) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්තේ ය.
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වීමට ඊයේ අනුරාධපුරයට පැමිණි ජනාධිපතිතුමා එයට සහභාගී වීමට පෙර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගැනීමට පැමිණි අතර ඉන් අනතුරුර්ව ජනාධිපතිතුමා ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී විය.
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ 2009/2010 වර්ෂවල ත්‍යාග ප්‍රදානෝත්සවය විදුහලේ දී පැවැත්විණි. එම වර්ෂවල පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ ම සාමාර්ථයන් ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජනාධිපතිතුමා අතින් ත්‍යාග පිරි නැමිණි.
මේ අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එච්.එම්. ගුණසේකර, විද්‍යාලයේ ගුරුභවතුන්, ආදි ශිෂ්‍යශීෂ්‍යාවන් හා සිසුසිසුවියන් හා දෙමාපියෝ ද එක් ව සිටියහ.