ජාත්‍යන්තර විමර්ශනයකට මුහුණ දීමට සිදුවිය හැකි බව ඇමරිකාව යළි අවධාරණය කරයි.
- RSL
- August 13, 2011
- Uncategorized
- ඇමරිකාව, ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකාව
- 0 Comments
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා වික්ටෝරියා නුලන්ඞ් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ( අගෝ. 12)යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පිළිගත හැකි ආකාරයේ සොයා බැලීමක් ඉක්මනින් ශී‍්‍ර ලංකා රජය සිදු නොකළහොත් ජාත්‍යන්තර විමර්ශනයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇතැයි බවයි.
ජනතාවට විශ්වාසය තැබිය හැකි ආකාරයේ විමර්ශණ කි‍්‍රයාවලියක් සිදු කිරීමට ලක් රජය වගකීමෙන් කටයුතු කළයුතු බව ඇය මාධ්‍යවේදීන් හමුවේ පැවසූ බව පීටීඅයි වාර්තා කරයි.
කෙසේ වෙතත්, එවැනි ජාත්‍යන්තර විමර්ශනයක් සඳහා දින වකවානු තමන්ට ලබාදිය නොහැකි බව ප්‍රකාශිකාව පවසා ඇත.