යුද හමුදාපති හෙයිටි සහ ලෙබනනයේ සංචාරයක
- RSL
- September 18, 2011
- Uncategorized
- ලුතිනන් ජෙනරාල් ජගත් ජයසුරිය
- 0 Comments
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිහාල් හපුආරච්චි පවසන පරිදි, හෙයිටි සහ ලෙබනනයේ සංචාරයක නිරත යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසුරිය එක්සත් ජාතින්ගේ සාම සාධක කටයුතු පිළිබද කාර්යාංශයේ නිලධාරින් සමග සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ.
මෙම හමුව අමෙරිකාවේ නිව්යොර්ක් නුවරදී පැවති බව සඳහන්.
ශ්‍රි ලාංකික සාම සාධක භටයින්ගේ වත්මන් කටයුතු පිළිබඳව හා ඉදිරි වැඩසටහන් පිළිබඳව එහිදී සාකච්ඡා පවත්වා තිබේ.
මෙම සංචාරයෙන් අනතුරුව යුද හමුදාපතිවරයා හෙයිටි රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිත අතර ඉන් අනතුරුව ඔහු ලෙබනනය බලා පිටත්ව යාමට ද නියමිතයි.
එම රටවල සාධ සාධක මෙහෙයුම්වල නිරත ශ්‍රි ලාංකික සාම සාධක භටයින්ගේ කටයුතු නිරික්ෂණය කිරිම යුධ හමුදාපතිවරයාගේ එම සංචාරයේ අරමුණයි.